Thursday, September 19, 2024

කොක්කුතොඩුවායි සුසාන භූමිය වසා දැමීමට එරෙහිව උතුරේ දිස්ත්‍රික්ක පහක විරෝධතා

Must read

පුද්ගලයන්  52 දෙනෙකුගේ ඇටසැකිලි ගොඩගැනීමෙන් පසු අධිකරණ නියෝග මත වසා දැමුණු කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමිය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරමින් යුක්තිය පසිඳලන ලෙස ඉල්ලා යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනතාවගේ මව්වරුන් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

2024 ජුලි 15 වෙනිදා උතුරේ දිස්ත්‍රික්ක පහ නියෝජනය කරන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඊයේ මුලතිව් කොක්කුතොඩුවායි සමූහ සුසාන භූමිය අසලට දෙමළ ජනතා නියෝජිතයෙකු සමඟ එක්වී ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව එක හඬින් අවධාරණය කළහ.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධානී මරියසුරේෂ් ඊශ්වරි පැවසුවේ උතුරෙන් සොයාගත් මිනිස් සමුහ වළවල් හතරට සාධාරණය ඉටු වී නොමැති බවත් කොක්කුතොඩුවායි සමුහ මිනි වළෙන් ගොඩගත් ඇටසැකිලි කාගේ වුවද යුක්තිය ඉටුවිය යුතු බවත්ය.

“කොක්කුතුටුවාවට සමාන වළවල් හතරක් සොයාගෙන තිබෙනවා. සොහොන් හතරේ සාක්ෂිකරුවන් සිටියද කිසිවක් සිදු නොවීය. හදිසි තීන්දුවක් පිළිගත නොහැක. අපගේ ඥාතීන් වේවා, වළදැමූ අය වේවා, සටන්කාමීන් වේවා, අපගේ වටිනා  ඥාතීන්ට සාධාරණය ඉටු කළ යුතුයි.”

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට තම ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන දෙමළ මව්වරුන්ට මරණ සහතික ලබාදීමට උත්සාහ කරන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය මිනිස් මිහිදන් කිරීම්වලට සාධාරණයක් ඉටු කරන්නේ කෙසේදැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

“අතුරුදහන් වූවන්ට එරෙහිව ක්‍රියාත්මක වන OMP කාර්යාලය සමූහ මිනීවළට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න අපගේ ප්‍රශ්නයයි.

වසා දැමූ සුසාන භූමියකින් ගොඩගත් දේහය අතුරුදන් වූවන්ගේ ඒවාද? යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට අපේක්ෂා කරන බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානී නීතිඥ මහේෂ් කටුලන්ද මීට පෙර ප්‍රාදේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

මෙම විරෝධතාවයේදී “කොක්කුතොඩ්ඩුවායි මිනිස් සුසාන භූමියට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි, මන්නාරම මිනිස් සුසාන භූමිය ජාත්‍යන්තර පරීක්‍ෂණයට අවශ්‍යයි, තිර්කෙඩිච්චරම් මිනිස් සුසාන භූමියට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි, යාපනයේ මිනිස් සුසාන භූමියට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි, කොක්කුතොඩ්ඩුවායි මිනිස් සුසාන භූමියට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයි, වැනි සටන් පාඨ ඉදිරිපත් විය. යුක්තිය අවශ්‍යයි – හමුදාව වගවිය යුතුයි” මෙම විරෝධතාවයට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වන දෙමළ මව්වරුන්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී දුරේරාසා රවිකරන් ඇතුළු මහජනතාව සහභාගි වූහ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article