Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ ඉදිරි කැණීම් නවතියිද ??

Must read

මුලතිව් – කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු පසුගිය  සැප්තැම්බර් (06) ආරම්භ වූ අතර එහි කැණීම් සැප්තැම්බර් (15) දක්වා සිදු කෙරුණා. මෙම කැණීමේ කාර්යයේදී  අස්ථි කොටස් 17ක් ගොඩගනු ලැබ තිබියදී එම කැණීම් කටයුතු අත්හිටුවන ලදී.  එම කණ්ඩායම විසින්ම ඔක්තෝම්බර් තුන්වන සතියේ කැණීම් යළි ආරම්භ කරන බව මුලතිව් අධිකරණ වෛද්‍ය  කනකසබාපති වාසුදේව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
මේ වන විට සමූහ මිනීවල ඇති ස්ථානයේ  කැණීම් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මාධ්‍ය විසින්  සොයා බැලු විට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වාර්තා වන්නේ  ඉදිරි කැණීම් කටයුතු සදහා අරමුදල් නොමැති බවයි. අධිකරණ වෛද්‍ය කනකසබාපති වාසුදේව මහතා පවසන්නේ අරමුදල් නොමැති වුවහොත්  එම කටයුතු නතර වීමට ඉඩ ඇති බවයි. එමෙන්ම මේ වනවිට ලබාගෙන ඇති මරණ පරීක්ෂන වාර්තා 17  වල ප්‍රතිපළ නිකුත් වන දිනයක පිළිබදව ද මෙතෙක් කීමට නොහැකි බවත් ඔහු තවදුරටත්  සඳහන් කර තිබේ.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article