Thursday, January 23, 2025

කොක්කුතොඩුවායි සමූහ මිනි වලේ  මිනිස්  සිරුරු 17 ක අස්ථි කොටස් ගොඩගනියි

Must read

කොක්කුතොඩුවායි මිනිස් අවශේෂ වළේ කැණීම්වල නව වැනි දින එනම් සැප්තැම්බර් (15) මිනිස් ඇටසැකිලි  තුනක සම්පූර්ණයෙන්ම කැණීම් කර ඇත.  මෙම ස්ථානයේ  දින නවයක් පුරා කැණීම් කටයුතු අවසන් කර ඇති අතර මේ වන විට මිනිස් ඇටසැකිලි  17ක් සම්පූර්ණයෙන් ගොඩගෙන තිබේ.

මුලතිව් – කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැනීම් කටයුතු පසුගිය සතියේ සැප්තැම්බර් (06) බදාදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙසේ කැනීම් වලදී සොයාගත් මිනිස් සිරුරු කාන්තා සහ පිරිමි සිරුරු වන අතර ඒල්.ටී.ටි.ඊ සංවිධානයට අයත් සටන්කාමීන්ගේ බවට හදුනාගෙන ඇත්තේ ඒ් සමග සොයාගත් නිලඇදුම් වල ඇති ලාංජන සහ වෙනත් සලකුණු පදනම් කරගෙනය.

මෙම නඩුවේ කැණීම්වල නවවැනි දිනය අද සැප්තැම්බර් (15) මුලතිව් අධිකරණ වැඩබලන විනිසුරු එස්.කේංගතරන්, පුරාවිද්‍යා මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් හදිසි මරණ පරීක්ෂක කේ.වාසුදේව, යාපනය හදිසි මරණ පරීක්ෂක එස්.ප්‍රණවන්, අධිනීතිඥ කේ.එස්නෙරන්ජන්, නීතිඥ රනීතා ඥානරාසා, පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අධිකරණ වෛද්‍ය පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහභාගිත්වයෙන්මෙම කැණීම් සිදුකරන ලදී.

.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article