Friday, September 20, 2024

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක මාරුව භාර ගෙන නැහැ – කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයෙන් චෝදනා

Must read

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදුන් ස්ථානමාරුව පිළි නොගෙන තවමත් එම තනතුරේ රැදී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුව ලබාදීමත් සමග රෝහල තුල ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය කටයුතු කර තිබිණි. නමුත් අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝග පිළිනොගෙන එම තනතුරේ රැදී සිටීමට උත්සහ දරන්නේ නම් නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව එම සංවිධානය පවසයි.

තමාව ස්ථාන මාරු කිරීම දේශපාලන පලිගැනීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනු කමිටුවට නොදන්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් සිදුකල මෙම ස්ථාන මාරුව තමන් පිළිනොගන්නා බවයි. ඒ සම්බන්දයෙන් විමසා තමන් විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත ලිපියක් යොමුකලල බවද ඒ සදහා යහපත් පිළිතුරක් නොලැබෙන්නේ නම් ස්ථාන මාරුව සම්බන්දයෙන් නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article