Monday, November 25, 2024

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම ගැන හොයන්නත් අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්!

Must read

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කල බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ බව ඒ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන්ව සදහන් විය.

එම සටහන පහතින්……

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක්!

කුරුණෑගල රාජධානි සමයට එනම් 13 වන සියවසට අයත් යැයි සැලකෙන පුරාවිද්‍යා ස්මාරකයකට හානි කිරීම සම්බන්ධව මගේ දැඩි අවධානය යොමු විය. කුරුණෑගල නගරයේ පිහිටි මෙම ගොඩනැඟිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස පිළිගත් ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

එහෙයින් මෙම පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම සම්බන්ධව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මම අගමැතිවරයා සහ සංස්කෘතික ඇමතිවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කළේමි.

ඒ අනුව පුරාවිද්‍යා ස්මාරකයට හානිකිරීම පිළිබඳ සොයා බැලීමට බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විශේෂඥ කමිටුවක් පත්කර තිබේ. එම කමිටු වාර්තාව සතියකට අඩු කාලයක් තුළ එනම් මේ මස 23 වෙනිදාට ප්‍රථම ලබා දීමට නියමිතය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයන් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. රත්නායක, පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ටී.බී. කුලතුංග, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට යන මහත්ම මහත්මීහුය.

අගමැති මහින්ද රාජපක්ෂ
සංස්කෘතික කටයුතු ඇමති
2020.07.17

A committee of experts appointed to investigate the demolishing of archaeological reserves in Kurunegala!

My attention was drawn to the demolishment of an archaeological building, believed to belong to the 13th Century, in the kingdom of Kurunegala. It was confirmed that this was an archaeological reserve under the Antiquities Ordinance No.09 of 1940.

Therefore, I, the Prime Minister and the Minister of Cultural Affairs, have instructed the Secretary to the Ministry of Cultural Affairs to immediately investigate and submit a report on the demolition of this archaeological building that was believed to be a royal Assembly Hall.

Accordingly, Secretary to the Ministry of Buddhasasana and Cultural Affairs, Mr Bandula Harischandra has appointed a committee of experts to investigate this matter. The report is due to be submitted on the 23rd of July, 2020.

Chaired by Director-General of the Department of Archaeology; Prof. Senarath Dissanayake, the committee consists of the Secretary of the Kurunegala District; Mr R.M.R. Rathnayake, Archaeologist; Prof. T.G. Kulatunga, Deputy Director of Archaeology at the Ministry of Cultural Affairs Archaeologist; Mr Prasad Ranasinghe and Director (Development) of the Central Cultural Fund Architect; Mr Sumedha Matota.

Prime Minister and Minister of Buddhasasana, Cultural and Religious Affairs Mahinda Rajapaksa
17.07.2020

#Mahinda #Rajapaksa #MR #PM #SriLanka #LK #SL #SLPP #LeaderWhoUnderstands #Kurunegala #Archaeology

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article