ඉන්ධන ලබාදීම සදහා මේ වන විට ක්‍රියාත්මක කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරි මාස 3 හෝ 4 තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ
එම ක්‍රමය අවසන්වීමෙන් අනතුරුව පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
පසුගිය වසරේ පැවති ඉන්ධන අර්බුදයේ තරම ගැන සලකා බලන කළ හැකි ඉක්මනින් ඉන්ධන බෙදා හැරිම සමාන්‍ය ක්‍රමයට මාරු විය හැකි නම් සැබැවින්ම ඉදිරිගාමි තත්වයකි