Monday, March 31, 2025

කිලිනොච්චියේ තවත් මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් ?

Must read

 

අද ( 15) උදෑසන කිලිනොච්චියේදී   තවත් මාධ්‍යවේදියෙකු හට මැර ප්‍රහාරයක් එල්ලවි තිබේ.මෙම ප්‍රහාරය සදහා පැමිණ තිබුණ මැර පිරිස පලමුව ඔහුගේ නිවසේ ගේට්ටුවද කඩා බිද දමා නිවසට ඇතුළු වි මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ කිලිනොච්චියේ තරුණ මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් භාස්කරන්ය

මැර පිරිස හෙල්මට් වලින් පහර දි ඇතැයි මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වා සිටි කිලිනෝචිචි මාධ්‍ය සංගමයේ තමරලිංගම් සිවා ප්‍රකාශ කර සිටියේය

මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙම පහරදීමට ආසන්න හේතුව බවට සැකකරන්නේ ක්‍රමවත්ව නිලධාරීන් පත්නොකර පවත්වාගෙන යමින් සිටින  ගොවි සමිතියක් සම්බන්ධයෙන් පළ කළ පුවතක් බවට සැක කෙරේ.
මිට පෙරද කිලිනාච්චි මාධ්‍ය සංගමයේ ලේකම් තමිල්සෙල්වම්ව පැහැර ගැනිමට උත්සාහ කර තිබුණ අතර ඉන් බේරිමට ගිය අවස්ථාවේදි ඔහු පහර කෑමකට ලක්ව කිලිනොච්චි රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමටද සිදුව තිබුණි.

තමරලිංගම් සිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article