Monday, December 23, 2024

කිරි පැකට් විෂවීමෙන් පෙර පාසල් සිසුන් රෝහලට

Must read

කිලිනොච්චිය පොලිස් වසමට අයත් භාරතීපුරම් ප්‍රදේශයේ පෞද්ගලික පෙර පාසලක සිසුන් 12 දෙනෙකුට අද (04) කිරි පැකට් විෂ වීම හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා.

සංවිධානයක් විසින් පෙරපාසල් සිසුන්ට පෝෂණ වැඩසටහනක් මගින් කිරි පැකට් කිරි ලබාදුන් අතර පෙරපාසලේදී සිසුන් සිහිසුන්වී සිසුන් රෝහලට රැගෙන යාමෙන් අනතුරුව සියලුම වෛද්‍යවරුන් එක්වී සිසුන්ට ප්‍රතිකාර කරනු ලැබුවා.

මේ අතරතුර සිසුන්ට බඩේ අමාරුවක් ඇති වූ බව වෛද්‍යවරුන් පැවසූ අතර කිරි පැකට් සාම්පල වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

තමරලිංගම් ශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article