ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි කාවින්ද ජයවර්ධන විසින් කුප්රකට නාලිකාවකට ඊයේ රාත්රියේ සිදුකරන ලද ප්රකාශයක් ගැන දේශපාලන කථාබහක් දැන් මතුව තිබේ.
එහි කෙන්ද්රිය තේමාව වි තිබුනේ වෙනසක් සදහා ඕනෑම දේශපාලන බලවේගයක් හා එක්වෙනවා යැයි කියන්නේ ගමක කුඩා පාරක් තමන්ට විවෘත කිරිමට අදාල ආසනයේ සංවිධාකයා විසින් ඉඩ නොදිම නිසා හොටු පෙරමින් ඊයේ කියා තිබිම නිසාය.
මේ අදහස් දැක්විමේදි කාවින්ද මන්ත්රිවරයා විසින් තවත් දේ කියා තිබුණද ඔහුගේ දේශපාලන දැනුම සහ දැක්ම මනින ලිට්මස් පරික්ෂණය වි තිබුනේ එවන් ආන්දෝලනාත්මක ප්රකාශයක් යහපාලනයට එරෙහිව නිබදව කටයුතු කරන කුප්රකට නාලිකාවකට කියා තිබිමද හේතුකොට ගෙනය.
රාජපක්ෂ එලිවිමට කිසිදු ක්රියාකාරි සහභාගිත්වය නොදැක්වු කාවින්දල දැන් මයික් කටාලා වි නන් දොඩවන්නේ රට බරපතල අර්බුදයකට මුහුණ දි තිබෙන යථාර්ථයක් තුලදිය.
රාජපක්ෂලා බලයට ඒමට යළි ඉඩනොදිම අංක එකේ තිබියදි ඒ සදහා පුලුල්ම බලවේග ගොඩනැගිමට සැමත් සමගම එක්විම ප්රධාන කටයුත්කක් ලෙසින් දේශපාලන ඇත්තටම කරන අය දකිද්දි දේශපාලන පියුරු බබාලාට ඇත්තේ ගමක පාරක කාවින්ද ජයවර්ධන විසින් තනා දුන්නේ යැයි කියා ලියවා ගැනිමට තරම් වු කාරණාය.
ඒ අනුව ඔහුට රාජපක්ෂ හොරෙකු සේ නොපෙනේ.
ගමේ පාර විවෘත කළ රොයිස් විජිත නම් වු එජාප මිගමුව ආසන සංවිධාකයා පෙනේ .
පසුගිය පළාත් සභා මැතිවරණයේදි මිගමුවට පැමිණි එජාප නායක රනිල් වික්රමසිංහ රොයිස් පිළිබදව ප්රබල ප්රකාශයක් කර තිබුණි.
එනම් රොයිස්ව අභියෝගක්ව තිබුන නිසා සිරගත කොට අසාධාරණයක් කරන්න ගිය නිසා එයට එරෙහිව හොද පිළිතුරක් මිගමුවෙන් දියයුතුයැයි ඔහු කියා සිටියේය.
එසේ කි ලෙසින්ම කප්පරක් බඩු බෙදු ලංසා පාලනය එහෙම පිටින්ම පල්ලම් බැස මිගමුව ආසනය තුල එජාය වඩාත් ශක්තිමත් ලෙසින් ජය තහවුරු කරගෙන තිබුණි.