Friday, September 20, 2024

ක්‍රිකට් වලට දේශපාලන මැදිහත්වීම් ඉවත් කලා – ක්‍රීඩා අමාත්‍ය

Must read

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණ වෙත දේශපාලන මැදිහත්වීම් සිදුවීම 100%ක්ම ඉවත් කර ඇති බව අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පසුගියදා  මාතර, වැලිගමදි පැවති උත්සවයකදිය. නමුත් ගැටලු මතුවන තැන් වලදී ඒ සදහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ පසුගිය සිම්බාබ්වේ සංචාරය සදහා කුසල් පෙරේරා තෝරා නොගැනීම සම්බන්දයෙන් තමන් අදාල බලධාරීන්ගෙන් විමසූ අවස්ථාෙව්දී ඔවුන්ගේ පිළිතුරු වූයේ “කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක්”  වශයෙන් බවය. එහිදී තමන් විසින් විමසා සිටියේ “ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද”  වශයෙන් තමන් විමසූ බවද ඒ මහතා සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article