Saturday, January 11, 2025

ක්‍රිකට් ලෝක කුසලානයේදී දෙපිළටම සමශූරතාවය ලබාදීමට තිබූ බව වට්මෝර් කියයි

Must read

හතරේ හෝ හයේ පහර සංඛ්‍යාව මත ජයග්‍රාහකයා තීරණය කිරීමෙන් තොරව රටවල් දෙකටම සමශූරතාවය ලබාදිය යුතුව තිබූ බව 1996 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ පුහුණුකරුවන ඩේව් වට්මෝර් මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ Sports Exotica’s Sports Leisure League holiday නම් වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමිනි.

අවස්ථා දෙකකදී තරගයේ ලකුණු සංඛ්‍යාව සමාන වීමත් සමග තරගයේ ජයග්‍රහකයෙකු නොමැති බවත් හතරේ හෝ හයේ පහර සංඛ්‍යාව මත ජයග්‍රාහකයා තීරණය කිරීම අසාධාරණ බවත් ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් විසින් මෙම නීති වලට එකගව ක්‍රීඩා කිරීම හේතුවෙන් එදින තරගයේදී ජයග්‍රහණය එංගලන්තයට හිමිවිය යුතු බවද ඔහු සදහන් කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article