ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය විසින් වසර 30 කාලයක් සදහා ලබාදිය යුතු බදු මුදල වන රුපියල් මිලියන 26.25 වෙනුවට මල්වතු පාර්ශවය වෙත එම බදු මුදල් ප්‍රමාණය ඉක්මවමින් රුපියල් මිලියන 50 පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය වෙත ලබිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව අනුමැතිය ලබාගෙන ඇති බව කෝප් කමිටුවේදි අනාවරණය විය.
එමෙන්ම පොරොන්දු වූ මිලියන 50න් පරිත්‍යාග වශයෙන් මල්වතු පර්ශවයේ මහනාහිමියන් වෙත ලදී ඇත්තේ මිලියන 25ක් පමණක් බවත් එහිදී අනාවරණය විය. එහි ඉතිරි රුපියල් මිලියන 25 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සතුව තවමත් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් මෙහිදී පවසා ඇත.
ඒ අනුව මේ සම්බන්දයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.
(මූලාශ්‍රය – අද)