Saturday, September 21, 2024

කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය නිසා සීල් තැබූ Mycola ට දඩය රු.20,000යි

Must read

මයිකෝලා ඇතුළු බීම වර්ග කිහිපයක් නිෂ්පාදනය කරන Mycola beverages (pvt) Ltd ආයතනයේ ගෝනහේන කඩවත පිහිටි කර්මාන්තශාලාවේ තිබී පසුගියදා කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000ක් සොයාගැනීමත් සමග එම කර්මාන්තශාලාව  සීල් තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරය විසින් පසුගියදා කටයුතු කෙරිණි

.පසුගිය 20 වනදා මේ සම්බන්ද නඩුව මහර අධිකරණයේදී කැදවූ අවස්ථාවේදී එම ආයතනය විසින් වරද පිළිගෙන ඇති අතර එම කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගය විනාශ කරන බවටද අධිකරණය හමුවේ පොරොන්දු වී ඇත. ඒ අනුව අදාල සමාගමට දඩ නියම කර ඇත්තේ රුපියල් 20,000ක පමණි.

මයිකෝලා,මයි ඔරේන්ජ්,මයි ක්‍රීම්,මයි සෝඩා ඇතුළු සිසිල් බීම වර්ග කිහිපයක්ද, ක්‍රිස්ටල් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන්නේද මෙම ආයතනය විසිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article