Friday, September 20, 2024

කටුගස්තොට ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Must read

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක පුවතක් වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ පියා, දියණිය හා බෑනා වන අතර මව තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය තිදෙනාගේ මරණයට හේතුව බලධාරීන් විසින් තවමත් තහවුරු කර නොමැත.

මෙම ගින්නෙන් තවත් අවට නිවාස 4කට පමණ හානි සිදුව ඇති බවද වාර්තා වෙයි.

කටුගස්තොට පොලීසිය සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article