විශේෂ කාර්ය බලකායේ පාලනය ඇතිව තවත් සැක සහිත පාර්සලයක් අද දිනයේදී කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේදී පුපුරා හැරීම සිදුකර ඇත. මෙම සැකකටයුතු පාර්සලය තිබී ඇත්තේ එම ප්‍රදේශයේ අවන්හලක් තුලයි.
මෙම පාර්සලව බෝම්බයක්ද හෝ එහි පුපුරන ද්‍රව්‍ය තිබුනේද යන්න සම්බන්දයෙන් මේ වන තෙක් තහවුරු කර නොමැති අතර පිපිරීමෙන් පසු වයර් හා ඇන පාර්සලයේ තිබී ඇති බව විශේෂ කාර්ය බලකායට දැකගැනීමට ලැබී ඇත.