Wednesday, January 22, 2025

ඕලයිතොඩුවායි හි වැලි හෑරීමට ගිය ජාත්‍යන්තර සමාගමට විරුද්ධවූ ජනතාවට ඒරෙහව දැමූ නඩුව පොලිසිය ඉල්ලා අස්කරගනියි

Must read

මන්නාරමේ වැලි ටොන් මිලියන ගණනින් හෑරීමට ජාත්‍යන්තර සමාගමට අවසර දීමේ අරමුණින් පරීක්‍ෂණ සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ආයෝජකයින්ට එරෙහි වූ ගම්වාසීන්ට එරෙහිව නඩුවක් ගොනුකළ මන්නරම පොලිසිට අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර පොලිසිය එම පැමිණිල්ල අස්කරගෙනන ගෙන තිබේ.ඒ් මේ සම්බන්ධව පසුගියදා නඩුවක් විභාගයට ගැණුන අවස්ථාවේදීියි. “ඒ නඩුව අතරතුරදී පොලිස් නිලධාරියෙක් හදිසියේම එළියට ගොස් නැවත පැමිණ තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් නඩුව අවසන් කිරීමට ආසන්න බවත් අධිකරණයට දන්වා ඒ අනුව නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

මන්නාරමේ ඕලයිතොඩුවායි සිදුවීම

මහා පරිමාණ ඛනිජ වැලි කැණීම් සඳහා බලපත්‍ර පහක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අනුමත කරන ලද ඕස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන්ඩ්ස් හි නියෝජිතයින් සහ තවත් නිලධාරීන් පිරිසක්  මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕලයිතොඩුවායි,  ප්‍රදේශයට සාම්පල ලබා ගැනීමට පසුගිය 06 වනදා ගොස් තිබේ. මෙම නිලධාරීන් අතර ඉඩම් මැනුම් දෙපාර්තමේන්තු නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික් සහකාර ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන 20කට වැඩි නියෝජිත පිරිසක්  සිට ඇත.
පස් සාම්පල ලබා ගැනීමට පැමිණි නිලධාරීන් ගම්වාසීන් විසින් නවතා දැමීමත් සමඟ එම ස්ථානයට පැමිණි මන්නාරම පොලිස් ස්ථානාධිපතිවරුන් බී වාර්තාව මගින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේ  රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වූ ගම්වාසීන්  මාධ්‍යට අදහස් දක්වන ලදී.

“මෙතන පරීක්‍ෂා කරන්න අවශ්‍ය නැහැ, මෙතැනට එන්න අවශ්‍ය නැහැ,” විරෝධතාවයේ නිරත කාන්තාවක් දෙමළ භාෂාවෙන් නිලධාරීන්ට පැවසුවාය. දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහයෝගයෙන් නියමිත කාලයට පෙර නිම කර ඇති බවට රජය පුරසාරම් දොඩන මන්නාරම නව සුළං ගොවිපල හේතුවෙන් තමන් දැනටමත් අත්විඳින දුෂ්කරතා පිළිබඳව  තවරානි මාධ්‍ය වෙත අදහස් දැක්වූවාය.

“මේ සුළං බලාගාරය ආපු වෙලාවේ කිව්වා අපි පරීක්‍ෂා කරන්නම්, ඔයාට කිසිම අහිතකර ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියලා. එහෙම අහිතකර බලපෑමක් රජයෙන් දෙන්නේ නැහැ කිව්වා. ඒත් අපි අද පාර මැද හිටගෙන ඉන්නවා. එහෙම වුණොත් අද අපේ ගමට වැස්ස, අපිට මාස තුනක් පන්සලේ හෝ ශාලාවේ ඉන්න වෙලා තියෙන්නේ සුළං බලය සහ පස් කැණීම් නිසා.

එවැනි තත්ත්වයක් යටතේ පිටස්තර කිසිවකුට තම ගම්බිම්ව

ලට පැමිණීමට ඉඩ නොදෙන බව දත් තවරානි තරයේ ප්‍රකාශ කළාය. ප්‍රදේශවාසීන්ගේ අනුමැතියකින් තොරව ආරම්භ කරන ලද මහා පරිමාණ ආයෝජන ජන ජීවිතය විනාශ කරන ආකාරය ගැන ද ඇය අනතුරු ඇඟවීය.

“මේ තැනට කාටවත් එන්න බෑ. ආවත් බහින්නෙ නෑ. මේ සඳහා රජය විසඳුමක් ලබාදිය යුතුයි. අපි මුලින්ම මේ ගැන පියවරක් ගත්තේ නැත්නම් ඒ අය ඇවිත් පරීක්‍ෂණයක් කරලා ගිවිසුම් අත්සන් කරනවා. ඊට පස්සේ අපි ආවේ ජනතාවගේ සහයෝගයෙන්. ඔවුන් පස පරීක්ෂා කර ඇති බව පවසනු ඇත. අපි පරීක්ෂණයට ඉඩ දෙන්නේ නැහැ. ”

, ඔරියන් මිනරල් (පුද්ගලික) යනු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විදේශ ආයෝජක බලපත්‍රය සඳහා ඉල්ලුම් කර ඇති  වෙළඳ සමාගමකි.

“ආයෝජන මණ්ඩලයේ මගපෙන්වීම සහ සහයෝගීතාවය අනුව මෙම වැලි කැණිමේ ව්‍යාපාරය ආරම්භ වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අනුමැතිය සහ ඔරියන් නාමයෙන් අනුමැතිය කැණීම් සඳහා ඉල්ලුම් කිරීම වේගවත් කිරීමට උපකාරී වි තිබේ. Titanium Sense හි කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය James Searle පැවසුවේ “ඉදිරි මාස කිහිපය තුළ ප්‍රතිඵල සමාගමට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවයි.

ප්‍රදේශයේ ජනතාව මෙම ව්‍යාපෘතියට සම්පූර්ණයෙන් විරුද්ධ බව ඉංග්‍රීසි භාෂාවෙන් පවසද්දි ඔරියන් මිනරල් නියෝජිතයෙක් පැවසුවේ ‘අපිට රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ, අපිට වාද කරන්න අවශ්‍ය නැහැ’ යනුවෙනි.

ටයිටේනියම් සෙන්ස් ආයෝජනයෙන් අපේක්ෂිත ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන දෙකක් බවත්, වාර්ෂිකව සියුම් වැලි ටොන් 150,000ක් කැණීමේ හැකියාවක් පවතින බවත් පතල් කැණීමේ අඩසියවසකට වැඩි පළපුරුද්දක් ඇති භූ විද්‍යාඥ ඩග් බ්‍රයිට් සඳහන් කර ඇත. ඒ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 122ක් ආයෝජනය කෙරේ. මෙමගින් ජාත්‍යන්තර වශයෙන් ඉල්මනයිට් නිෂ්පාදකයින් හරහා ප්‍රදේශවාසීන් 600කට රැකියා ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

 

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article