Monday, December 23, 2024

උපවාස කොට මියගිය තිලිපන්ගේ 35 වන ගුණ සැමරුම යාපනයේදි ඇරඹේ !

Must read

ඉල්ලිම් 5 ක් මුල්කරගනිමින් උපවාසයක නිරත වී මිය ගිය තිලිපන්ගේ 35 වැනි ගුණ සමරුව අද යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකය අසලදී පැවැත්විණි.

පෙරවරු 9.45 ට   උත්සව ආරම්භ වූ අතර මහජන ගිනිසිළුව වීර පණ්ඩිත්ගේ මෑණියන් විසින් දල්වන ලදී.

ඉන් අනතුරුව තිලිපන්ගේ පිළිරුවට මල් මාලා පළඳවා මල් ඉසිනු ලැබූ අතර බොහෝ පිරිසක් හැඟුම්බරව ඊට සහභාගි වු බව අප වාර්තා කරුවෝ කියති.

දිලීපන් යාපනය නල්ලූර්හිදී 1987.09.15 සිට 1987.09.26 දක්වා දින 12ක් අවිහිංසාවාදී උපවාසයක නිරත වී මිය ගියේය.

උතුරු නැඟෙනහිර පළාත්වල අලුතින් සැලසුම් කර ඇති සිංහල ජනාවාස නතර කිරීම, සිරගෙවල්වල සහ කඳවුරුවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හදිසි නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම, ග්‍රාමාරක්ෂක භටයන් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම, විවෘත කිරීමේ කටයුතු නතර කිරීම යන කරුණු පහයි. දෙමළ ප්‍රදේශවල නව පොලිස් ස්ථාන, ඉල්ලීම් ඉදිරිපත් කරමින් ත්‍යාගදීපම් දිලීපන් යාපනය නල්ලූර්හිදී 1987.09.15 සිට 1987.09.26 දක්වා දින 12ක් අවිහිංසාවාදී උපවාසයක නිරත වී මිය ගියේය.

ඒදා තිලිපන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුන ඉල්ලිම් වලට අදටත් යහපත් ප්‍රතිචාර පැවැති කිසිදු රජයකින් ලැබි නැති බව ඉතා පැහැදැලිය.
ත්‍රස්තවාදය වැලැක්විමේ පණත තවමත් එලෙසින්ම ක්‍රියාත්මක අතර දැන් එය දකුණේ මර්ධනයට යොදාගනිමින් තිබේ.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිරකරුවන් විසින්ම දැනටමත් උපවාසයක් කරන්නට පටන් ගෙන තිබේ.
එහෙත් දකුණේ ප්‍රගතිශිලි කොටස් වල පවා මේ ගැන එතරම් උනන්දුවක් ඇති බවක නොපෙනේ.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article