Friday, September 20, 2024

උතුරේ අඩුආදායම් පවුලකට යුද හමුදාවෙන් නිවසක් …

Must read

යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ ඉල්ලීමකට  අනුව  කුමාර  වීරසූරිය  මහතාගේ  ධන  පරිත්‍යායෙන්  ජෙA/361,  කරනවායි  (උතුර)  ග්‍රාමසේවා වසමේ පදිංචි අඩු ආදායම්ලාභිනියෙකු වන ගනේසමූර්ති නිලාජිනි වෙනුවෙන් ඉදිකිරිමට සැළසුම් කර ඇති නිවස සඳහා මුල්ගල තැබීමේ උත්සවය ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12)  පැවැත්වුනි.
මෙම  නිවසෙහි  ඉදිකිරිම්  කටයුතු  55  වන  සේනාංකයේ සම්බන්ධීකරණ  කටයුතු  සිදුකරනු  ලබන අතර,  551  වන  බළසේනාව  අධීක‍්ෂණය  යටතේ  4  වන  බළඇණි  සිංහ  රෙජිමේන්තුවේ  භටපිරිස්  ශ්‍රමදායකත්වය සිදුකරනු ලබයි.
මෙම මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපති – 55 සේනාංකය, බළසේනාධිපති -551  බළසේනාව,  බළසේනාධිපති  –  553  බළසේනාව,  යුද්ධ  හමුදා  ජ්‍යෙෂ්ඨ  නිලධාරින්,  යුධ  හමුදා සාමාජිකයින් ඇතුළු අවම පිරිසක් සහභාගී විය
දිණමිණ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article