Friday, September 20, 2024

ඊයේ දිනයේදී ඉතාලියේ කොවිඩ් මරණ වාර්තා ගත ලෙස පහළට

Must read

යුරෝපා කලාපය තුල වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවූ රට වශයෙන් සැලකෙන්නේ ඉතාලියයි. මේ වන විට ඉතාලිය තුල පමණක් කොරෝනා මරණ 19,800ට වැඩි ප්‍රමාණයක් සිදුව ඇත.

නමුත් ඊයේ(12) දිනය තුලදී වාර්තා වන මරණ සංඛ්‍යාවේ වාර්ථාගත අඩුවක් ඉතාලියෙන් දක්නට ලැබිණි.  ඉතාලියෙන් ගෙවුණු දිනයේදී වාර්තාවී තිබුණේ මරණ 431ක් පමණක් වන අතර, මාර්තු මැද භාගයේ සිට දිනක් තුළ එරටින් වාර්තාවූ අඩුම මරණ සංඛ්‍යාව මෙය බව සඳහන්.

මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස වසංගතයෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 114,000 ඉක්මවන අතර වාර්තා වී ඇති ආසාදිතයන් ගණන දහඅට ලක්ෂ හතළිස් හයදහස ඉක්මවා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article