Saturday, September 21, 2024

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවේ ගින්නක්

Must read

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුව වන  “බැලොන්ගන් පිරිපහදුවේ” ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට වේලාවෙන් අද (29) අලුයම මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න පාලනය කිරීම සදහා ඉන්දුනීසියා බලධාරීන් හා ගිනි නවන භටයින් විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බවද වාර්තා වෙයි. ගින්න හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පිරිපදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

මෙම පිරිපහදුවෙන් දිනකට තෙල් බැරල් 125,000ක් පමණ සකසනු ලබන අතර ගින්නට හේතුව මෙතෙක් හෙලිවී නොමැත

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article