උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදාව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, කරෙයිනගර් මුහුදු ප්රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ යාත්රාවක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිටි ධීවර වරාය වෙත රැගෙන ගොස් තිබුණි.
මේ පිරිස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(නිදර්ශන් විනෝද් )