Tuesday, September 15, 2026
spot_img

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග.

Must read

 

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ බවට අඟහරුවාදා (24) අලුයම තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 17 දෙනා ලබන 07 වැනිදා (2025-01-07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම අධිකරණය අඟහරුවාදා නියෝග කළේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ මෙම ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු තලෙයිමන්නාරම නාවික හමුදාව විසින් අඟහරුවාදා (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විමර්ශනයෙන් අනතුරුව පස්වරු 1 ට සැකකරුවන් 17 දෙනාම මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම ධීවරයින් 17 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article