Tuesday, September 15, 2026
spot_img

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව මිය යයි !

Must read

ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය.

නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පැවැසෙයි.

99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි

මෙහ්තා හෘද රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය අලුයම 3.39 ට මිය ගිය බවයි. ඇයගේ දේහය ගාන්ධිනගර් වෙත රැගෙන යාමට නියමිතය.

 හීරාබෙන් ජීවත් වූයේ අගමැතිගේ බාල සොහොයුරා වන පන්කජ් මෝදි සමඟ ගාන්ධිනගර් අසල රේසාන් ගම්මානයේ ය. 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article