Monday, September 14, 2026
spot_img

ඉන්දියාව පෙරමුණේ

Must read

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර ඊයේ (27 වැනිදා) පැවති තරගය ලකුණු 56කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම සුපිරි 12 වටය යටතේ මේ වන විට තරග දෙකක් ජය ගත් එකම කණ්ඩායම බවට පත්විය.

ඒ සමගම ප්‍රසාද ලකුණු හතරක් සමග දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ඉන්දියාව සමත් වූයේය.

නෙදර්ලන්තය සමග ඊයේ පැවති තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 179ක් ලබා ගත් අතර එහිදී විරාත් කෝලි සහ සූර්යකුමාර් යාදව් නොදැවී පිළිවෙලින් ලකුණු 62ක් සහ 51ක් ලබා ගත්හ. නායක රෝහිත් ශර්මා ලකුණු 53කට දැවී ගිය අතර නෙදර්ලන්ත ඉනිම ලකුණු 123කට සීමා විය.

කසුන් රණවීර ඔස්ට්‍රේ‍ලියාවේ සිට
(දිවයින )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article