ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය සීඝ්රයෙන් ඉහළගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ වනවිට ඉන්දියාව තුළ භාවිත කරන ජංගම දුරකථන අතරින් 97%ක් ම දේශීයව නිෂ්පාදනය කරන ලද ඒවාය.
2014 වර්ෂයේ දී ඉන්දියාව තුළ භාවිත කළ ජංගම දුරකථන අතරින් 92% ක් ම විදේශයන්ගෙන් ආනයනය කළ ඒවා විය.
එහෙත් වසර 08ක් තුළ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.
ඉන්දියාව තුළ මේ වනවිට භාවිත කෙරෙන ජංගම දුරකථන සංඛ්‍යාව කෝටි 151ක ඉක්මවා ඇති අතර ඉන් කෝටි 60 කට ආසන්න සංඛ්‍යාවක් ස්මාට් දුරකථන බවද පැවසෙයි.
මේ අතර ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ අලෙවියෙන් ඉන්දියාව මේ වනවිට වාර්ෂිකව උපයන ආදායම ඩොලර් බිලියන 12 කට ආසන්නය.
(අද දෙරණ )