Friday, September 20, 2024

ඉන්දියාවෙන් ටොන් 10ක ඖෂධ පරිත්‍යාගයක්

Must read

කොවිඩ් 19 අර්බුදය හමුවේ අද(07) දින ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

මෙම බෙහෙත් ශ්‍රී ලංකා රජය විසින් ඉල්ලුම් කර තිබුණු බවද නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් මෙම බෙහෙත් තොගය අද දින ශ්‍රී ලංකාවට රැගෙන ගෙන තිබේ.

මෙය යහපත් හා අසීරු කාලවලදී ලංකාව සමඟ රැඳී සිටිමට ඉන්දියාවේ දැඩි කැපවීම පිළිහිඹු කරන තවත් අවස්ථාවක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

දේශීය වශයෙන් පවතින අභියෝග සහ සීමාවන් හමුවේ වුවද සිය සම්පත් හා ප්‍රවීණත්වය තම මිතුරන් සහ සහකරුවන් සමඟ බෙදා ගත යුතු බව ඉන්දියාව සෑම විටම විශ්වාස කරයි.

කොවිඩ් 19 වසංගතයට ‍එ‍‍රෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය ‍නරේන්ද්‍ර මෝදී මහතාගේ මුලිකත්වයෙන් 2020 මාර්තු 15 වන දින සාක් නායක සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය.

එහිදී සාක් සංවිධානයේ කොවිඩ් 19 අරමුදල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ලබා දීමට ඉන්දියාව පො‍‍‍රොන්දු විය.

ඉන් අනතුරුව 2020 මාර්තු 26 වන දින සාක් රටවල සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවකට සහභාගී විය.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සාක් රටවල සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අන්තර්ජාලය හරහා පුහුණු සැසි පැවැත් විමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ගුජරා‍ටයේ ගාන්ඩිගර් හි පිහිටා ඇති සාක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද සාක් සංවිධානයේ සාමාජික රටවල කොවිඩ් 19 රෝගයට අදාළ තත්ත්වය පිළිබඳ දැක්වෙන වෙඩ් පිටුවක් ද ආරම්භ කර ඇතැයි එම ‍නිවේදනයේ දැක්වෙයි.

(adaderana.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article