කොරෝනා ව්‍යාප්තියේ අවධානම උත්සන්න වීමත් හේතුකොටගෙන , උතුරු මුහුදේ ආරක්ෂාව තීව්ර විමක් සිදුකර ඇති බවත් එබැවින් ඉන්දියානු ධීවරයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම නවත්වන ලෙස උතුරේ ධීවරයින්ට අනතුරු අඟවා තිබේ. දකුණු ඉන්දියානු ධීවරයින් සමග සිදුකරන ගණුදෙනු විශේෂයෙන් මුදල් ගනුදෙනු හා වෙළඳාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා ඇත. කහ ඇතුළු නීතිවිරෝධී නිෂ්පාදන ආනයනය කිරීමෙන් වලකින ලෙසත්, සෞඛ්‍යාරක්ෂිතව ධීවර කටයුතුවල නිරත වීමෙන් රටේ ධීවරයින්ට කොරෝනා තර්ජනයෙන් ආරක්ෂා විය හැකි බවට ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමඟ මුහුදෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් උතුරු මුහුද දැඩි සෝදිසියක් සිදුකරමින් පවතින බවත් වාර්තාවේ.