Friday, September 20, 2024

ඉතාලියේදී ශ්‍රී ලාංකිකයන් 11කට දඩ

Must read

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහා ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා (ලොක්ඩවුන්) තිබියදී තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වූයේ යැයි චෝදනා යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය එරට මුදලින් යූරෝ 400 (රු.80 000) සිට යූරෝ 3000 (රු.ලක්ෂ 6) ක් දක්වා වන පොලිස් දඩ මුදල් නියම කර ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඉතාලියේ ෆිරෙන්සි නගරයේය.

ඉතාලියේ මේවන විට පවතින කොරෝනා වෛරස් තත්වය මත නීතියට අනුව උපන්දින සාද ඇතුලුව සියලුම ආකාරයේ සාද පැවැත්වීම මෙවැනි අවස්ථාවක මියගිය අයට සහ සමස්ත ඉතාලියට කරන අවමානයක් ලෙස සැළකේ.

මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article