Saturday, September 21, 2024

ඇල්පිටිය – කොළඹ අධිවේගී මාර්ගයේ බස් වර්ජනයක්

Must read

ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් දක්ෂිණ  අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථවල රියදුරුන්  සහ කොන්දොස්තරවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

මෙසේ වර්ජනයක් ආරම්භ කිරීමට හේතු වී ඇත්තේ බස් රථ ධාවනයවූ කාල සටහන ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් වෙනස් කිරීම බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්දයෙන් අද (27) ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්දයෙන් විසදුමකට පැමිණීමට හැකිවනු ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවවේ ප්‍රකාශකයෙකු සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article