Friday, September 20, 2024

“ඇම්ෆන්”නිසා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මිලියන 2 ජනතාව ඉවත් කෙරේ

Must read

මේ  වන විට  ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනය වි ඇති ඇම්ෆන් සුළිකුණාටුවෙන් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ වෙරළ තීරයන් වෙත ලගාවමින් පැවතීම හේතුවෙන් එම රටවල් වල මිලියන 2ක පමණ ජනතාවක් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්ථා වෙයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අවශ්‍ය සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම කල යුතු බැවින් ජනතාවට ප්‍රමාණවත් පරිදි ආරක්ෂිත පහසුකම් සැපයීම ගැටලුවක් බවට පත්විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඇම්ෆන් සුළිකුණාටුව ඉන්දීය වෙරළ කලාපයට ලගාවීමෙදී සුළගේ වේගය පැයට කිලෝමීර 240ක පමණ වේගයකින් පැමිණිය හැකි බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඇම්ෆන් සුළිකුණාටුව ඉන්දියාවේ නැගෙනහිර හා බංග්ලාදේශයේ දකුණු හා නිරිතදිග වෙරළ තීරයන්ට ඇතුලු වීමේදී සුළගේ වේගයේ අඩුවීමක් බාලාපොරොත්තු විය හැකි බවත් එසේ වූවත් සුළගේ වේගය පැයට කිලෝමීටර 195-200 අතර වේගයක් සහිතව එම ප්‍රදේශයන්ට ඇතුලු වනු ඇති බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article