Friday, September 20, 2024

ඇමති ජනක බණ්ඩාරට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා පත්‍රයක් අභියාචනාධිකරණය බලරහිත කරයි

Must read

1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කරමින් අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කල අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමිනි.

(මූලාශ්‍රය – දෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article