ඇඳිරි නීතිය පවතින කාලය තුළදී අත්‍යව්‍යශ කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයින්ට අවසර හිමිවන ආකාරය තීරණය කරන නව ක්‍රමවේදයක් හදුන්වාදීමට රජය තීරණය කර ඇත.
එම ක්‍රමයට අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් හිමිවන දිනයකට අනුව පුද්ගලයන්ට අත්‍යවශ්‍ය කාර්යයන් සදහා නිවසින් බැහැරට යාමේ අවසර හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.