Wednesday, January 22, 2025

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීමට රජය සැරසෙයි

Must read

කොවිඩ්19 බලපෑම හේතුවෙන් අපහසුතාවයට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමටත් , සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙත රජය ලබාදුන් සහන මෙතෙක් නොලැබුණ අය වෙත ලබාදීමටත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් වන ඉදිරි පියවර මුදල් අමාත්‍යංශය විසින් ගනිමින් සිටින බව සංචාරක අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සදහා එක් පුද්ගලයෙකුට රු.20,000ක මුදලක් එක්වරක් ගෙවීම, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන් සදහා එක් පුද්ගලයෙකුට රු.15,000ක් එක්වරක් ගෙවීම මේ වන විට ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොවූ රියදුරන් කඩිනමින් ලියාපදිංචි කර ඔවුන්ටද මෙම දීමනාව ලබාදීම කෙරෙහි අමාත්‍යංශයේ අවධානය මේ වන විට යොමුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article