Friday, November 1, 2024

ආපදාවන්ට ලක්වූවන්ට මාස 6ක් යනතුරු විදුලිය නොමිලේ.

Must read

ගංවතුරෙන් හා නායයෑම් වලින් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඉදිරි මාස 6ක කාලය තුල  විදුලි බලය නොමිලේ ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එලෙසම මේ ආපදාවන් නිසා තම නිවාස අහිමිව තාවකාලික ස්ථාන වල ජීවත් වන පිරිස් වෙතත් විදුලි බලය නොමිලයේ ලබා දීමට රජය තීරණය කොට තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට විදුලි පාරිභෝගිකයන් 177,775 පමණ විදුලි බලය නොමැතිව සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයට  කල සමීක්ෂනයකදී හෙලිවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට විදුලි බලය ලබාදීමෙන් සිදුවිය හැකි හානි වැලැක්වීම සදහා විදුලි බලය මේ වන තෙක් ලබාදීමක් සිදුකර නැති බවත්, විදුලි උපකරණ වලට හානි වීම  හා විදුලි කාන්දුවීම් ඇති වීමේ අවදානම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලින් විදුලිය ලබා නොදෙන ලෙස ඉල්ලීම් ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියා. කෙසේ හෝ ඉහත සදහන් කල හේතූන් මත විදුලි පාරිභෝජකයන්ගෙන් 28.4% පමණ ප්‍රතිශතයක් මේ වන විට විදුලිය නොමැතිව ජීවත් වන බවත් අමාත්‍යංශය පෙනවා දෙනවා.
a1530cf5-f3f2-43fb-9375-b4d613c1ee97

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article