Saturday, November 23, 2024

අල – ලූනු තවත් ලාභෙට ..

Must read

මේ දිනවල අල සහ ලොකු ලුනු වල මිළ දිගින් දිගටම පහල යමින් තිබේ.මිට මාස කිපයකට ඉහතදි ඉතා ඉහල අගයක පැවැති ලොකු ලුනු ඇතැම් විට සතොස මගින් පවා නිකුත් කර තිබුනේ යම් සිමාවන්ට යටත්වය.

එවැනි පසුබිමක සිට අද වන විට අලත් ලොකු ලුනුත් සැලකිය යුතු මිළ අඩුවිමකට ලක්ව තිබිම පාරිභෝගිකයන් හට සැබැවින්ම සහනයක් ව ඇත්තේ මේ භාණ්ඩ දෙකම දෛනික ජිවිතයේදි වැඩිපුරම යොදා ගැනෙන පසුබිමකදිය

මේ අනුව පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල පහත බැස තිබේ.

ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 95ක අගයක පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130ක් ලෙස යි.

මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබේ.

පසුගිය සතිය තුළ රුපියල් 150කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇත.

මේ දිනවල මහපාරවල් අසලදිද බොහෝ තැන්වලදි අඩුමිළට අලත් ලුනුවත් අලෙවි වන දසුන් සුලබය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article