Sunday, January 5, 2025

අලි ඇතුන් පෙරහැර සදහා යොදාගැනීම බුදු දහමට නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

Must read

අලි ඇතුන් යොදාගනිමින් පෙරහැර පැවැත්වීම බුදු දහමට අගෞරවයක් බවත් අලි අැතුන් වෙනුවට අලංකාර රන්විසිගෙයක් යොදා ගන්නා ලෙස තමන්වහන්සේ යෝජනා කරන බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසති

මේ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සදහන් කර ඇත්තේ සංස්කෘතියේ අරමුණු මුල්කරගෙන හෝ යම් සත්ත්ව හිංසාවක් සිදුවන්නේ නම් එම හිංසාවද අප විසින් පිටුදැකිය යුතු බවයි. පෙරහැරේ ගෞරවයත් රුකගනිමින් අලි ඇතුන්ට සිදුවන හිංසාවත් මැඩලමින් වඩා බුද්ධිමත් හා ධර්මානුකූල පෙරහැර සංස්කෘතියක් නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බවද සෝභිත හිමියෝ සදහන් කලහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article