Saturday, September 21, 2024

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක විදුලි බලය බිදවැටේ

Must read

ඊයේ (16) පස්වරුවේ සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව වාර්ථා වෙයි. ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන වර්ෂාව හා සුළං හේතුවෙන් ගස්කඩා වැටීම නිසා විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ ගණනාවක පවුල් 45 000ක් පමණ විදුලිය නොමැතිකමින් පීඩා විඳීමට සිදුව ඇත.

මෙගවොට් 33000ක අධි විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියකට හානි වී ඇති බැවින් විදුලි සැපයුම  යළි ලබාදීමට පැය 24ක වඩා කාලයක් ගතවනු ඇති බවත් මේ වන විට අදාල ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් ආරම්භ කර ඇති බවත් වාර්ථා වෙයි.

කෙසේ වෙතත් පැය 24ක් තුල එම ප්‍රදේශවලට පැය 24ක් තුළ විදුලි බලය නැවත ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article