Wednesday, November 20, 2024

අපේක්ෂකයෙකුට වියදම් කල හැකි උපරිම මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි – පැෆරල් සංවිධානය

Must read

මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ පමණින් මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැකෙන්නේ නොමැති බව පවසමින් ඉදිරි මහ මැතිවරණයට පෙර අපේක්ෂකයෙකුට වියදම් කල හැකි උපරීම මුදල් ප්‍රමාණය  සම්බන්ධයෙන් වන නීති පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග්‍රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවයි. ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු වලට අනුව ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නීමට බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article