ප්රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකු ඇතුළු අපේක්ෂකයන් 06 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. ඒ මහතා සදහන් කර ආකාරයට මෙසේ වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කර නැති අනෙකුත් අපේක්ෂකයන් 5 දෙනො ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ය.
නියමිත කාලසීමාව තුල වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකරන අපේක්ෂකයන් හට නඩු පැවරීමට කටයුතු කරන බවත් මහින්ද දේශප්රිය මහතා සදහන් කරයි.
ඒ අනුව මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණය ජයග්රහණය කළහොත් දිවුරුම්දීමට ප්රථම වත්කම් බැරකම් ප්රකාශ ලබදිය යුතු බවත් පරාජය වුවහොත්, ලබන ජනවාරි 06 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්රකාශ ලබාදිය යුතු බවත්, දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ට ලිපි යොමුකර ඇති බවත් මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කළේය.