ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පෙරමුණේ මන්ත්‍රීවරු කියන්නේ අද දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සහල් සහ වතුර බවයි. නැහැ, දෙමළ ජනතාවට දේශපාලන අයිතිවාසිකම් තමයි වැදගත් බව කියන්නට මෙය අප අවස්ථාවක් කරගත යුතුයි. පසුගියදා ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනරජ පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මහතා
මේ බව පැවසුවේ කෝරළෙයිපත්තු ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මුරක්කෝටන්සේන 14 වැනි මැතිවරණ කොට්ඨාශයෙන් තරග වදින අපේක්ෂකයාට සහය පළ කරමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී දේශපාලන රැස්වීම විවෘත අමතමිනි.
”දැනට ඔවුන් දිස්ත්‍රික්කයේ ස්ථාන 600ක් පුරාවිද්‍යා පදනම මත ලබාගෙන තිබෙනවා.දෙමළ ජාතික සම්මේලනයක් නැතිනම් වසර 30,40ක් ඇතුළත මෙම ප්‍රදේශයේ දෙමළ ජනතාවක් නොසිටිනු ඇත.එබැවින් දෙමළ ජාතික සම්මේලනයට සහයෝගය දැක්විය යුතුය. අපේ ජනතාව විවිධ ප්‍රශ්නවලින් ආරක්ෂා කර දෙන්න, පැනඩෝල් රටේ නැති නිසා අපි මේ මැතිවරණය දකින්නේ ජාතියකට පණිවිඩයක් කියන මැතිවරණයක් ලෙසයි.”
කේ. රුද්‍රන්