ජාතික ජනබලවේග නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සදහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (01) සිදුවිය.
ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 9කින් හා ස්වාධීන අපේක්ෂකයන් 8ක් වශයෙන් අපේක්ෂකයන් 17 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

