කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ සිද්ධියකදී, එම සිදුවීමට වළක්වමින් පොලීසිය ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා සිරුර වළ දැමීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් කඩ කිරිමේ චෝදනාවක් යටතේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.