Friday, September 20, 2024

අනවශ්‍ය ලෙස වේරහැරට පැමිණීමෙන් වලකින්නැයි ඉල්ලීමක්

Must read

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් දිනකට සේවා සැපයිය හැක්කේ 1300ක ප්‍රමාණයකට පමණක් බැවින් රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා වේරහැර කාර්යාලයට අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊයේ (13) දිනයේදී පමණක් වේරහැර කාර්යාලය වෙත පුද්ගලයන් 3500ක් පැමිණ ඇත.

රියදුරු බලපත්‍ර එක් දින සේවාව ලබාගැනීමට වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල වලින්ද හැකියාව පවතින අතර සාමන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම්  සලසා තිබේ.

මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article