Saturday, October 5, 2024

අද ( 05) සිට මාස 5 කට උතුරුට දුම්රිය ගමන් නවති !

Must read

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සදහන් කළේය.

කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බව ද ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සදහන් කළේය.

කොළඹ යාපනය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බැවින්
උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඊ රවීන්ද්‍රන් ඒ වන විට සකස් කර ඇති විකල්ප ප්‍රවාහන විධිවිධාන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණි

ඔහු මේ බව පැවසුවේ පසුගිය 03 වනදා  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

යාපනය සහ කොළඹ අතර, යාපනයෙන් ආරම්භ කරන ලද සියලුම දුම්රිය සේවා අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය කෙරේ. .

.උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් බස් රථයෙන් අනුරාධපුරයට ගමන් කර පසුව අනුරාධපුරයේ සිට කොළඹට දුම්රියෙන් ගමන් කළ හැක

යාපනය සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සිට කොළඹට සෘජු බස් ගමන් සේවා ක්‍රියාත්මකය

උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික බස් හිමියන්ගේ සහභාගීත්වයෙන් ආණ්ඩුකාරවරයාගේ මඟපෙන්වීම මත අමතර රථවාහන විධිවිධාන සලසා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා යෝ.නොබෙට් රවිචන්ද්‍රන් – ප්‍රවාහන නිලධාරි – 0772385784,
සී.චිත්‍රාංගන් – බස් නැවතුම්පොළ භාර – යාපනය – 0765378432, ඊ.ගෝබිතන් – බස් නැවතුම්පොළ භාර – වවුනියාව – 0779276242 පැවසීය.

මෙම මාධ්‍ය හමුවට පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නිරංජන් සහ උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සහභාගී විය.

වසන්න රූබන් – වව්නියාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article