අදියර 3ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එහි පළම අදියරය වශයෙන්,
- 10 ශ්‍රේණිය, අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලබන මස 16 වැනි දා අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත්,
- 3 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති ලබන ජූලි 26 වැනි දා ආරම්භ කරන බවත්,
- 1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය පන්ති, පාසල්වල දින වකවානු නියම කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරා් සුනන්ද කාරියපෙරුම මහතා කියා සිටියි.