Friday, September 20, 2024

අතුරුදහන් වූ අපේ දරුවන් අපේ අතට පත්වන තුරු ළමා දිනය අපට අඳුරු දිනයකි !

Must read

අතුරුදහන් වූ අපේ දරුවන් අපේ අතට පත්වන තුරු ළමා දිනය අපට අඳුරු දිනයක් බව අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූ සංගමයේ සභාපති තම්බිරසා සෙල්වරාණි මහත්මිය පවසයි. ඊයේ  (01) වනදා  තිරුකෝවිල් හි පැවති ජාත්‍යන්තර ළමා හා ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අමතමින් ඇය මේ බව පැවසීය.

අවුරුදු 10 කට පෙර පැවති  යුද්ධයේදී යටත් වූ අපේ දරුවන් කොහෙද? ළමයින්ට ප්‍රමුඛත්වය දිය යුතු යැයි සැලකෙන ශ්‍රී ලංකා රජය අපේ දරුවන් අතුරුදහන් කර තිබේ. අතුරුදහන් වූ මෙම දරුවන්ට ශ්‍රී ලංකා රජයට කළේ කුමක්ද? මෙම කාලය තුළ එවැනි ප්‍රශ්න ඇතිවිය.  අතුරුදහන් වූ දරුවන්ට සාධාරණය ඉටු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවද ඇය පැවසීය.

අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපති තම්බිරසා සෙල්වරානි මහත්මියගේ  ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ සංගමයේ සාමාජිකයින් මෙන්ම ළමුන් මෙලෙස සාමකාමී විරෝධතාවයක නිරත විය.
රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article