Tuesday, December 24, 2024

අතුරුදහන්වූවන්ට මරණ සහතික දෙන්න හදන OMP නිලධාරීන්ට මුලතිව්හිදී විරෝධය

Must read

 

ඊයේ ( 19)  සහ අද යන දෙදින තුළ මුලතිව් ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වන ලෙස අතුරුදන්වූවන්ගේ කාර්යාලයෙන් 244 දෙනෙකුට ආරාධනා කර තිබූ අතර  පරීක්ෂණ සදහා පැමිනි  නිලධාරීන්ගේ  ඇතුළුවීම නවත්වා ඥාතීන් විසින්  දැඩි විරෝධයක් පළ කරන ලදී. පසුව එම ස්ථානයට පොලිසිය ගෙන්වා ඥාතීන් ඉවත් කර ගැනීමත් සමඟ දැඩි බහින්බස්වීමක් ඇති විය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය මගින් අද සහ හෙට පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කර තිබියදී මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන්ගේ සංගමයේ ඥාතීන් දැනුම් දී තිබුණේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිසිවකු එම පරීක්ෂණයට නොයන ලෙසත් විරෝධතාවයේ නිරත වන බවයි.

අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිළිබඳ සොයා බැලීමට පැමිණි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන්ට  ඇතුළුවීමට ඉඩ ලබා නොදී විරෝධතාකරුවන් විසින් බාධා කරන ලදී.
මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරත වූ ජනතාව කොමසාරිස්වරයාගේ එක් වාහනයක් නවතා විරෝධතාවයේ නිරත වූ නමුත් වෙනත් වාහනයකින් පැමිණි කොමසාරිස්වරුන් සහ නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටවීමේ මාර්ගයෙන් ඇතුළු වූ අතර ජනතාව ඇතුළට ගොස් නිලධාරීන්ට පිටතට යන ලෙස දැනුම් දුන්හ.

මෙම අවස්ථාවේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණ විරෝධතාවයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් පැමිණ වාර්තා රැගෙන යන බව  ප්‍රකාශ කළා.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article