ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල දෙවරක් අඩුකර පිටි කිලෝවක මිල රු.265 ක් දක්වා පහත දමා ඇතත් බේකරි හිමියන් ග්රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල පහළ නොදැමීම නිසා පාරිභෝගිකයන් බරපතල ලෙසින් අපහසුතාවට පත්ව ඇත.
තිරිඟු පිටි මිල අඩුවීමට සමගාමීව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ද පහත දැමිය යුතු වුවත් මේ වනවිට පාන් ගෙඩියක් රු.160 සිට 210 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වෙයි. පිටකොටුවේ තිරිඟු පිටි තොග වෙළෙඳසල්, පිටි මිල අඩුකළ ද තම නිෂ්පාදන සඳහා පිටි සපයන ප්රධාන සමාගම් දෙක පිටි කිලෝව රුපියල් 250 ට අඩු කිරීමට රජය මැදිහත්වන්නේ නම් එහි සහනය පාරිභෝගික ජනතාවට ලබාදෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා ඇතැයි දෙරණ වෙබ් අඩිවි වාර්තා කර තිබේ