Friday, September 20, 2024

හිඟ වැටුප් ඉල්ලා මුලතිව්හිදී ගුරු-විදුහල්පති විරෝධතා

Must read



ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකරමින් අද (09) මුලතිව් නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. මෙම විරෝධතාවය මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ කරන ලදී. මෙම විරෝධතාවයට දෙමාපියන්ද එක්ව සිටියහ. මුලතිව් අධ්‍යාපන කලාපයේ සභාපතිවරුන්ගේ සංගමය, ගුරු සංගමය සහ ලංකා ගුරු සංගමය එක්ව මෙම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය දියත් කර ඇත.

”වසර 24ක් තිස්සේ ඉල්ලා සිටින වැටුප් විෂමතාව ඉවත් කිරීමට සුබෝධිනී කොමිසමේ නිර්දේශය මත වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බවට අපි මේ රජයට පණිවිඩයක් දෙනවා. රට බංකොලොත් තත්ත්වයක පවතින නිසා අපි වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ නැහැ.

සංගම් කිහිපයක් අපිව හෑල්ලූවට ලක්කරන අතර සියලුම වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිනවා. වැඩි කළ වැටුප වසර 20කින් ගෙවා නොමැති බැවින් අදාළ සියලු දෙනාම සලකා බලා හිඟ වැටුප කඩිනමින් ගෙවිය යුතුයි ” යනුවෙන් විරෝධතාකරුවන් මෙහිදී අවධරණය කරන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article