Saturday, September 21, 2024

සංවර්ධන නිලධාරීන් අම්පාරේදී විරෝධතාවයක

Must read


මාස 6ක් තිස්සේ කිසිදු විසඳුමක් නොමැතිව අතරමංව සිටින අපට සාධාරණය ඉටු කර දෙන ලෙස පිට පළාත් සංවර්ධන නිලධාරීහු කඳුළු සලමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. අද (28) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී රැස්වූ 26 වැනි බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායේ සංවර්ධන නිලධාරීහු ළදරුවන් ද සමඟ විරෝධතාවයක නිරත වූහ.

ඔවුන්ගේ ඉල්ලීම් මෙසේ ඉදිරිපත්වී තිබුණා.
අතිගරු ජනාධිපතිතුමනි, අපේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න, සිංහල භාෂාව නොදන්නා අපිව අපේ දිස්ත්‍රික්කයෙන් පිටත ඇදගෙන යන්න එපා, අභියාචනා කරන්න වෙලාවක් නොදී අපේ ප්‍රශ්න කල්යවන්න එපා, අපේ පවුල් කඩාකප්පල් කර දරුවන් අහිමි නොකරන්න,

මෙම අරගලයට සම්බන්ධ පිට පළාත් සංවර්ධන නිලධාරීන් 26 දෙනාම පසුගිය යහපාලන ආණ්ඩුවේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස සංස්ථාගත කර 2021.1.1.1 දින ස්ථිර පත්වීම් සඳහා ඇතුළත් කර ඉවත් කරන ලදී.
දැනට පවතින පළාත් අතර පොදු ප්‍රවාහන තහනම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තාවකාලික අත්සන් තැබීමට විරෝධය පළ කරමින් ලෙඩ නිවාඩු දමා මෙම විරෝධතාව ක්‍රියාත්මක කෙරුණා.

ඔවුන් විරෝධතාව ද තාවකාලිකව අවසන් කර මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාලයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විපතට පත් උපාධිධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශයක් කර නොමැති අතර නුවරඑළිය බදුල්ල, මොණරාගල, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක සඳහා සංවර්ධන නිලධාරීන් 26 දෙනෙකු අනුයුක්ත කර තිබේ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article